මෙය සිරිමල් නමැති ගැටවර වියට පා තැබූ තරුණයක් වටා ගෙතුණු කතාවකි.පියාගේ වියෝවෙන් පසුව මොහු මුහුණ දෙන සිදුවීම් මෙම කතාවට පාදක වේ.මෙය හුදෙක්ම පාඨකයාගේ රසාස්වාදය පිණිස ගොතන ලදී.මෙහි එන සියලුම නම්,ගම් මනක්කල්පිත වේ
1 වන දිග හැරුම
“කොහේ ගිහින්ද උඹ දැන් ඔය එන්නේ ?” ඉස්තෝප්පුවේ මැටි කණ්ඩිය මත වාඩි වී සිටි අප්පොච්චිගේ කට හඬට මම ගේ ඇතුලට නොයා නැවතුණි.
“බලපන් දැන් ඉරත් බැහැගෙන ගිහින් ගොඩක් වෙලා, ඔහොම ගියොත් තෝව ගන්ඩ ගෙයක් නැති වෙයි.අකුරක් කොරන්ඩ යන්නෙත් නෑ.හේනට උදව්වට එන්නෙත් නෑ.රස්තියාදුවේ පල” අප්පච්චි තොර තෝංචියක් නැතිව බැන ගෙන යයි.

මම මොකුත් නොකියා නෝක්කාඩු මුහුණෙන් යුතුව බිම බලාගෙන මහපට ඇගිල්ලෙන් පොලොව හාරමින් සිටියේ මොකුත් කියන්නට ගියොත් තවත් හොද හැටි අහ ගන්නට වෙන නිසාය.එළියේ සද්දය ඇසී අම්ම ඉස්තෝප්පුවට පැමිණියාය.
“ඕකට ඔච්චර කෑ ගහන්ඩ එපා.ඔය වයසට ඉතින් ඔහොම තාමා.” අම්මා හැමදාම මෙන් මාව බේරාගැනීමට තැත් කරයි.
“අත පැය මෝරගෙන එන කාලෙට තැන් තැන් වල රස්තියාදු ගහපුවම හොදට තියෙයි.”
*** *** ***
අප්පච්චි කියූ දේවල් ඇත්ත යැයි සිතෙන්නේ අදය.සියලු දේම අප්පච්චි සොයා දෙන කල හිතට කිසිදු දෙයක් නොසිතෙයි.උදේ පටන් දවස පුරාම ගමේ තැනින් තැනින් ගොස් ඇවිත් ගෙදරට එන විට කොපමණ බැනුම් ඇසුවත් අපට ඔහු කිසිම අඩුපාඩුවක් නොකලේය.නොසිතු ලෙස අප්පච්චි අප අතරින් වෙන් වී ගියේ හේනේ සිට ගෙදරට එන අතර තුර අලියෙකුගේ ප්‍රහාරයකට අසු වීමෙනි.ගමෙහි අලි ප්‍රහාරයෙන් මිය ගිය එකම පුද්ගලයාද ඔහු නොවේ.කෙසේ වෙතත් කාලයක් යන විට අප්පච්චි නැති අඩුව තදින් දැනෙන්නට පටන් ගත්තේය.කුඹුරු කරන්නට මට හරි හැටි තේරුමක් නොතිබුන බැවින් හන්දියේ කඩේ මුදලාලිට විකුන්නනට සිදු විය.ඒ දවස් වල අප්පච්චි කියූ දේවල් ඇත්ත යැයි දැන් ටිකෙන් ටිකෙන් ටික වැටහේ.

“රාළහාමිට කියලා කොල්ලටත් මොනවා හරි හොයලා දුන්න නම් හොද නැද්ද දන් ඉතින්” දවසක් සිරියාවතී නැන්දා ගෙදර ඇවිත් සිටින විටක කියන විටක මට ඇසිනි.
“ඒකා තාම පොඩි එකානේ සිරියාවතී.මට පුළුවන්යැ ඒකාගෙන් හම්බකොරන් කන්ඩ” අම්ම කියයි.
“දැන් මොන පොඩිද බං මූනේ දැලි රැවුලත් ඇවිත්.අවුරුදු 16 ක් 17ක් ඇති නොවැ.අනික උඹ රාළහාමිගේ වලව්වේ වැඩ කරලා ගන්න සොච්චම ඇතිද?”
“හ්ම්ම්…” අම්ම මොකුත් නොකියයි.
“කෝ දැන් පොඩි එකා.” සිරියාවතී නැන්දා අසයි.
“ඉස්කෝලේ ගොහින් මග එනවා ඇති දැන්, ඒකා අකුරු කරන්ට දස්සයා.” අම්මා මල්ලි ගැන කතා කරන හැම විටම ආඩම්බරයෙන් කතා කරයි.මල්ලි මම වගේ නොවී හොදට අකුරු කරයි.පවුලේ ලොකු දරුවා විදිහට මොනවා හෝ කලයුතු බව මම සිතාගත්තෙමි.

“අම්මා..” අම්ම කුසියේ ඉන්න විට මම සෙමින් ඒ දෙසට ගොස් කතා කළේය.
“හ්ම්ම්…” අම්මා උයන ගමන් පිළිතුරු දුන්නාය.
“රාළහාමිට කියලා මට මොකක් හරි හොයලා දෙන්න බැරිද?” මම උළුවස්සට හේත්තු වුනෙමි.
“උබට පුළුවන් වෙයිද ඕව කොරන්ට.”
“පුළුවන් අම්මා.අම්ම කොහොමද ඔක්කොම කරන්නේ.මල්ලිත් ඉගෙන ගත්තාදෙන් ”
“මම කියලා බලන්නම්.” අම්මා එසේ කියමින් අනුකම්පිත දෑසින් මා දෙස බැලුවාය.
*** *** ***
ඊට පසුදින ගෙදරට වී ඔහේ ගෙවුනේය.කොහෙවත් යාමට සිතෙහි අදහසක් නොතිබුනේය.
සුපුරුදු පරිදි හවස් ජාමය වන විට අම්ම ගෙට ගොඩ විය.
“ලොකු පුතේ…” අම්ම කතා කරනු ඇසී මම ඒ දෙසට ගියෙමි.
“අම්මා ඇයි?”
“රාලහාමි මහත්තයා උඹව එක්කන් එන්ට කිව්වේ හෙට එනකොට” අම්ම මගේ මූණ දෙස බලා කිවේය.
දවසම තිබූ මලානික ගතිය පහව ගොස් මගේ ඇඟට නැවුම් ගතියක් ආවේය.හෙට සිට කුමක් හෝ කර ගෙදරට බරක් නොවී ජීවත් විය හැකි යැයි සිතමින් මම සතුටට පත් වුනෙමි.

දෙවන දිගහැරුමෙන් මුණගැහෙමු.
Comments
Post a Comment